වෘත්තීන්ට පනවා තිබු තහනම තවදුරටත්



ඕමාන රාජ්‍ය තුල පෞද්ගලික අංශයේ ඇතැම් වෘත්තීන් වල විදේශිකයින් නිරත වීමවැළැක්වීම සඳහා පනවා තිබු තහනම තවත් මාස හයකින් දීර්ඝ කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් පුවත්පත වාර්තා කළේය.

2013 දී ඕමාන මිනිස් බල අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව පෞද්ගලික අංශයේ වෘත්තීයන් 9කට විදේශිකයින් යොදා ගැනීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.

වඩු කාර්මිකයින්, ගඩොල් පොරණු කම්කරුවන්,කම්මල්කරුවන්, ද්‍රව්‍ය සමීක්ෂකයින් සහ තවත් වෘත්තීන් කීපයක් අදාල තහනමට අයත් වේ.

සමාගම් වර්ග කිරීම් වල ඉහළම තත්ත්වයේ සිටින සමාගම්, රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබනසමාගම්, අන්තර්ජාතික සමාගම් සහ උපදේශන සමාගම්අදාල තහනමට ඇතුලත් නොවන බව මිනිස් බල අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නියෝගයේ සඳහන් වී ඇත.

ඔටුවන් රැක බලා ගන්නන්, අලවි අංශයේ සේවකයින්, ඉදිකිරීම් අංශයේ සේවකයින්, පිරිසිදු කිරීම් කම්කරුවන් යන වෘත්තීන් සඳහා විසා නිකුත් කිරීම තහනම් කිරීමට ඕමාන රජය මීට පෙර නියෝග නිකුත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
 


RECOMMEND POSTS