විසා කොන්දේසි ලිහිල් කරයි



සංචාරක කර්මාන්තය දියුණු කිරීම සහ එමිරේට්ස් ආර්ථිකය ඉහළ මට්ටමක රඳවාගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය හරහා සිය ගමනාන්ත වෙත ගමන් කරන ගුවන් මඟීන්ගේ විසා කොන්දේසි ලිහිල් කිරීමට එමිරේට්ස් පාර්ලිමේන්තුමේ අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපොල තුල රැඳී සිටින කාලය තුල සාප්පු සවාරි යෑමේ අවස්ථාව ගුවන් මඟින්ට හිමිවන අතර වැඩි ආදායමක් ගුවන් මඟින්ගෙන් ලබාගැනීමේ අරමුණින් විසා කොන්දේසි ලිහිල් කිරීමට කටයුතු කර ඇත. 

විසා කොන්දේසි ලිහිල් කිරීම සම්බන්ධයෙන් පවතින ගැටළු හඳුනා ගෙන විසඳුම් යෝජනා කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක්ද පත් කර තිබු බව වාර්තා වේ.

එමිරේට්ස් ගුවන්තොටුපලවල්වලට පැමිණි ගුවන්මඟීන්ගෙන් 70%ක් එමිරෙට්ස් රාජ්‍යය හරහා වෙනත් රටවල්වලට ගමන් කළ ගුවන් මඟීන් බව 2017 වර්ෂයේ සංඛ්‍යා දත්ත මඟින් තහවුරු වී ඇත.

විසා ගාස්තු, ගුවන් මඟීන්ගේ සංඛ්‍යාව සහ සංචාරක ආකර්ෂණය වැඩිකිරීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS