විශේෂ ගුවන් සේවයක්



ඉන්දීය ගුවන් සමාගමක් වන ස්පයිස්ජෙට් ගුවන් සමාගම මස්කට් සහ අහමදාබාද් යන නගර දෙක අතර විශේෂ ගුවන් සේවයක් ජුනි 07 දින සිට අගෝස්තු 31දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර  ඇති බව වාර්තා වේ.

නිවාඩු සමයේ ඇතිවන ඉල්ලුම සැලකිල්ලට ගෙන විශේෂ ගුවන් සේවය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් නගරයන් දෙක අතර දිනකට ගුවන් වාරය දෙක බැගින් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ස්පයිස්ජෙට් ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS