විශාලතම ව්‍යාපෘතිය සෞදියේ



සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලෝකයේ ඉදිකරනු ලබන විශාලතම සූර්ය බල ව්‍යාපෘතිය සෞදි අරාබියේ ඉදිකරන බව නිවේදනයක් නිකුත් කරමින් ජපන් සමුහ ව්‍යාපාරයක් වන සොෆ්ට් බෑන්ක් ආයතනය සඳහන් කර ඇති බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

අදාල ව්‍යාපෘතිය මඟින් ගිගාවොට් 200ක් 2030 වනවිට නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රකාශ කළ බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ලෝකයේ දැනට ගිගාවොට් 400ක විදුලි බලයක් සුර්ය බලයෙන් නිෂ්පාදනය කරන අතර 2016 වර්ෂය අවසන් වනවිට න්‍යෂ්ටික බලයෙන් ගිගාවෙට් 390ක විදුලි බලයක් නිෂ්පාදනය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට්)


RECOMMEND POSTS