විනෝදාස්වාදයට නව ජීවයක්



කොවිඩ් - 19 න් පසු මෙරට සංගීතලෝලීන්ට විවෘත පරිසරයක අසුන්ගෙන නැරඹිය හැකි පළමු ප්‍රාසාංගික අත්දැකීමවූ Dream Music Fest with Dialog පසුගිය අගෝස්තු 23 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, කොවිඩ් - 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අනුගමනය කිරීමට සිදුවූ සමාජ දුරස්ථභාවයට අදාළ ආරක්ෂිත පියවර හේතුවෙන් අඩපණ වූ මෙරට විනෝදාස්වාද ක්ෂේත්‍රය යළි පණගැන්වීමට සහායවීම උදෙසා මෙම ප්‍රසංගය පැවැත්විණි.

මෙම අපූර්ව සංගීත සන්ධ්‍යාවේදී විවිධ ශෛලීන් අනුගමනය කරන කලා ශිල්පීන්ගේ ආකර්ෂණීයඉදිරිපත් කිරීම් මෙන්ම පෙරදිග හා අපරදිග සංගීතයේ මනා සුසංයෝගයට තම නිර්මාණශීලී හැකියාවන් මුසු කරන ගායකගායිකාවන්, සංගීතඥයන්ගේ සහ  සංගීත කණ්ඩායම් හි අපූර්ව නිර්මාණ විඳගැනීමේ දුර්ලභ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවූ අතර, විවිධ රසඥතාවන්ගෙන් සහ  වයස් කාණ්ඩයන්ට අයත් ප්‍රේක්ෂකයන්ගේ සංගීත රැචිකත්වය හඳුනන සුප්‍රකට ජ්‍යෙෂ්ඨ සහ නව පරපුරේ ගායක ගායිකාවන්වනසුනිල් පෙරේරා, භාතිය සහ සන්තුෂ්, රන්දීර් විතාන, උමාරා සිංහවංශ, කෙවින්ද අල්මේදා, කසුන් කල්හාර, ආත්මා ලියනගේ, සමිතා මුදුන්කොටුව, සංඛ දිනෙත්, සනුක වික්‍රමසිංහ, ලහිරු පෙරේරා, රිද්ම වීරවර්ධන සහ ධනිත් ශ්‍රී සිය මියුරු සුගායනයන් එක්කළ අතර, දිවයිනේ ජනප්‍රිය DJ ශිල්පීන් සහ වාදකයන්ගේ නිර්මාණශීලී කුසලතාවන්ගෙන් ප්‍රසංගය වර්ණවත් විය.

තව ද Dream Music Fest with Dialog ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් වන මහේෂ් දෙනිපිටිය ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්, නාද, මිස්ටි, ඉන්ෆිනිටි යන සංගීත කණ්ඩායම් එක්ව සිටි අතර, නාද රටා කණ්ඩායම් වන එලිෆන්ට් ෆුට්, බීට් ඩ්‍රමර්ස් සහ නාද්‍රෝ යනාදී කණ්ඩායම්වල දායකත්වයද හිමිවිය.

මෙම උත්සවය සංවිධාන කළ උත්සව කළමනාකරණ සංවිධානය විසින් සමාජ දුරස්ථභාවය සහ මහ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව රැකගැනීමට ගත යුතු සෑම පියවරක්ම අනුගමනය කරමින් ප්‍රසංගය පැවැත්වීමට කටයුතු කරන ලදී.

‘Dream Music Fest with Dialog’ ප්‍රසංගය සැප්තැම්බර් 20 වෙනිදා ප.ව. 1 සිට ටීවී දෙරණ ඔස්සේ සම්පූර්ණයෙන් ම නැරඹියහැක.


RECOMMEND POSTS