විදේශ ශ්‍රමිකයන්ට මාසික බද්දක්



සෞදි ජාතිකයින්ට වැඩි රුකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදිමේ අරමුණින් පෞද්ගලිකඅංශයේ රැකියාවල නිරත එක් විදේශීය ශ්‍රමිකයෙකුගෙන් සෞදි රියාල් 300-400ක්අතර මාසික බදු මුදලක් ලැබෙන පරිදි විදේශ ශ්‍රමිකයා සේවය කරන සමාගමෙන් 2018 වර්ෂයේ සිට අයකර ගැනීමට සෞදිමුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව සෞදි මාධ්‍ය වාර්තා කළේය.

සමාගමක සිටින විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය අනුව අදාල බදු මුදල තීරණය වන අතර විශාල විදේශ ශ්‍රමිකයින් සිටින සමාගම් වලට විශාල බදු මුදලක් ගෙවීමට සිදු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS