විදේශ මුදල් සංසරණයට බද්ධක්



විදේශිකයින් හරහා සිදුවන මුදල් හුවමාරුවේදි බදු මුදලක් අයකිරීම සදහා සෞදි සූරා සභාවට ගෙන එන ලද යෝජනාවක් එම සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කර ඇති බව අරාබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

එසේ බදු මුදලක් පැණවීම මගින් සෞදි ආර්ථිකයට බලපෑමක් එල්ල වෙන බව එම සභාව පෙන්වාදී ඇත.

සෞදි සූරා සභාවේ සමාජිකයින් 86ගෙන් 73 දෙනෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

 “අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව රටට එන සහ රටින් පිටතට යන මුදල් නිදහසේ සංසරණය වීමට ඉඩදිය යුතුය.’’ සෞදි මුදල් අමාත්‍යාංශයේ නිල ටුවිටර් සමාජජාල ගිණුමේ පලකර ඇත.

පසුගිය වසර කීපයේදි සෞදි රජය විදේශිකයින්උපයන ආදායමෙන් කොටසකට ගාස්තුවක් අයකිරීමට වරින් වර අවධානය යොමු කළේය.

ලෝකබැංකු දත්ත අනුව 2014 වර්ෂයේදිසෞදියහරහාපිටතට සංසරණය වී ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37කි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඇරේබියන් බිස්නස් ඇසුරිනි)


RECOMMEND POSTS