විදෙස් ශ්‍රමිකයන් එවූ මුදල්වල වර්ධනයක්



 
ඉකුත් දෙසැම්බර් මාසයේදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් උපයන ලද මුදල් 2015 වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 618.5 හා සැසඳීමේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 684.6ක් දක්වා සියයට 10.7කින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 
 
ඒ අනුව ඉකුත් වසර තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල සමුච්චිත ලැබීම්, 2015 වසරේ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 6,980.3 හා සාපේක්ෂාව ඩොලර් මිලියන 7,241.5ක් දක්වා සියයට 3.7කින් වර්ධනය වී ඇතැයි දෙසැම්බර් මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින්  ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.
 
හර්ෂණ තුෂාර සිල්වා

RECOMMEND POSTS