විද්‍යුත් මුදල් ගැන ප්‍රවේශමෙන්



විද්‍යුත් මුදල් සඳහා ආයෝජනය කිරීමේදි වඩාත් පරීක්ෂාකාරි වන ලෙස සෞදි ප්‍රාග්ධන වෙළඳපොල අධිකාරිය අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එවැනි මුදල් පිළිබඳව පරීකෂා කර බැලීම සඳහා නිසි ක්‍රමවේදයක් සෞදිය තුල මෙන්ම අනිකුත් රටවල්වල නොමැති වීම හේතුවෙන්දැඩි අවධානම් සහිත තත්ත්වයක් ඇති වී ඇති බව සෞදි ප්‍රාග්ධන වෙළඳපොල අධිකාරිය අවධාරණය කළේය.

අන්තර්ජාලය හරහාගණුදෙනු සිදුවන අවස්ථාවන් වලදී මුදල් සොරාගැනීම්, මුදල් වංචාවන්, ඉහළ විනිවිදභාවයක් නොමැති වීම සහ දැනට එවැනි මුදල් පිළිබඳ පිළිගත් ක්‍රමවේදයක් බොහෝ රටවල පිළිගෙන නොමැති වීම යන කරුණු ප්‍රධාන තැනක් ගන්නා බව සෞදි ප්‍රාග්ධන වෙළඳපොල අධිකාරිය නිකුත් කරන ලදනිවේදනයේ සඳහන් කර ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS