වැඩිම වර්ධනයක් පෙන්වයි



සියලු කොටස් මිල දර්ශකය සැප්තැම්බර් මස තුළ ලොව වැඩිම වර් ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇතැයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සැප්තැම්බර් මාසය තුළ සියයට 12ක වර්ධනයක් වාර්තා කළ කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය අනෙක් මිල දර්ශක අභිබවමින්,  එම මාසය තුළ වැඩිම වර් ධනයක් දැක්වූ මිල දර් ශකය බවට පත්ව ඇත. සැප්තැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළෙදපොළේ සමස්ත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 279.6ක් එකතු වීමද විශේෂත්වයකි.

කොළඹ කොටස් හුවමාරුවෙහි  විශාලතම සහ ද්‍රවශීලතාවයෙන් ඉහළම කොටස් 20කින් සමන්විත මිල දර් ශකය වන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර් ශකයද සැප්තැම්බර්  මාසය තුළ සියයට 4.39ක ප්‍රගතියක් වාර්තා කර ඇති අතර ප්‍රගතියක් වාර් තා කළ අතර සැප්තැම්බර් 30 වන දිනය අවසානයේදී දර් ශක අගය 2,463.27 ලෙස  සටහන් විය.

සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ ගනුදෙනු දිනයක් තුළ සිදු කරන ලද සාමාන්‍ය ගනුදෙනු ගණන 20,607 ලෙස වාර්තා විය. මෙම වසරේදී දක්නට ලැබෙන සාමාන්‍යයට සාපේක්ෂව සියයට 96කින් සැප්තැම්බර් මාසයේදී එම අගය වර්ධනය වීම තවත් විශේෂත්වයකි. එමඟින් ආයෝජකයන්ගේ උනන්දුව පෙන්නුම් කරන බව ද කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ සැප්තැම්බර් මාසයේ සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් බිලියන 50 ක් ලෙස වාර්තා වී ඇත.


RECOMMEND POSTS