වගකීම ගන්න බෑ



‘තෙල් අපනයන කරන රටවල සංවිධානය’ ඇමෙරිකා ජනාධිපතිවරයා එල්ල කරන චෝදනාවල වගකීම බාර නොගන්නා බව එම සංවිධානයේ සභාපතිවරයා පවසයි.

වැඩි වශයෙන් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන්නැයි පසුගිය දිනකදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ‘තෙල් අපනයන කරන රටවල සංවිධානයට (ඔපෙක්)’ අවධාරණය කළේය. එහිදි ‘ඔපෙක්’ සංවිධානයේ රටවල් පෙට්‍රෝලියම් මිල ඉහළ දමන බවට චෝදනා කළ ඇමෙරිකා ජනාධිපතිවරයා එම සංවිධානය දැනට කරනවාට වඩා වැඩි යමක් කළ යුතු යැයි ද අවධාරණය කළේය.

“තෙල් කර්මාන්තයේ සිදුවන සියල්ලේම වගකීම ඔපෙක් සංවිධානයට බාරගන්න බැහැ. කර්මාන්තයේ තිබෙන සියලු ප්‍රශ්නවල වගකීම ඔපෙක් සංවිධානයට බාරගන්න බැහැ. ඔපෙක් සංවිධානය තනියම බැනුම් අහන්න ඕනේ නැහැ. පසුගිය ජූනි මාසයේ පැවැති අපේ අවසන් රැස්වීමේදී අපි තිබෙන ප්‍රශ්නවලට විසඳුම් රැසක් ගත්තා” යැයි ඇල්බර්ටාහිදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ සභාපති සුහයිල් අල් මස්රූවී පැවැසීය.

ඔපෙක් සංවිධානය තම වගකීම නියමිත පරිදි ඉටු කර ඇති බවට තමන් විශ්වාස කරන බව පැවැසූ මස්රූවි ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවලට සවන් දීමට සූදානම් බව ද තවදුරටත් කීවේය.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS