ලන්ඩනයට ගුවන් සේවයක්



මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපලේ සිට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන්තොටුපල දක්වා ගුවන්සේවයක් ජුලි 01 දින ආරම්භ කළ බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් ගුවන් සමාගම නිවේදනය කළේය.

පළමු ගුවන්යානය හීත්‍රෝ ගුවන්තොටුපල බලා ජුලි 01දින පිටත්ව ගිය අතර ඒ සඳහා බෝයිං 787-9 ඩ්‍රර්ම්ලයිනර් වර්ගයේ ගුවන්යානයක් යොදාගෙන තිබුණි.

බෝයිං 787-9 ඩ්‍රර්ම්ලයිනර් වර්ගයේ ගුවන්යානා තුනක් වසර අවසානයට පෙර ගුවන්සමාගමට ලැබෙන බව ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS