රූපලාවන්‍ය නිෂ්පාදනවලට තහනමක්



පිළිකා ඇතිවීමට හේතුවන ඇස්බැස්ටෝස් අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදන තහනම් කිරීමට කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පිළිකා හැදීමේ අවධානම ඉතා ඉහළ අගයක් පැවතීම සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල නොවීම නිසා තහනම් කිරීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත.

අන්තර්ජාතික ප්‍රමිතීන් ආරක්ෂා කරමින් ජනතාවට වඩාත් ආරක්ෂාකාරි නිෂ්පාදන ලබාදීමට දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකරන ලෙස ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS