යූරෝ භාවිතයට ඉරානය සැරැසෙයි



විදේශීය මුදල් ගනුදෙනු සඳහා එක්සත් ජනපද ඩොලරය වෙනුවෙන් යුරෝපා කලාපයේ භාවිත වන යූරෝ මුදල් ඒකකය භාවිත කිරීමට ඉරානය රජය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

විනිමය අනුපාත වාර්තා කිරීමේ මුදල් ඒකකය වශයෙන් ද යූරෝව භාවිත කිරීමට ඉරානය තීරණය කර ඇති අතර කැබිනට් හමුවකදී මෙම තීරණ ගෙන තිබේ. කඩා වැටෙන රියාල් මුදල් ඒකකය ශක්තිමත් කිරීමට මෙලෙස ඩොලරය වෙනුවෙන් යූරෝව භාවිත කිරීමේ තවත් අරමුණක් වී තිබේ.

ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අල් කමේනි ද පියවර පිළිගෙන ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන මහ බැංකු අධිපති වලියෝල්ලාහ් සෙයිෆ් කීය. අද වනවිට ඉරානය තුළ ඩොලරය එතරම් ඉල්ලුමක් නැතැයි ද හෙතෙම කීය.

ඇමෙරිකාවෙන් එල්ල වන දැඩි දේශපාලන පීඩනය නිසා ඉරානය වසර ගණනාවක සිට යූරෝවට මාරු වීමට  

(රොයිටර්)


RECOMMEND POSTS