යුරෝපා සංවර්ධන බැංකුවෙන් ජෝර්දානයට මිලියන 300 ක්



යුරෝපීය සංවර්ධන බැංකුවෙන් ජෝර්දානයට යූරෝ මිලියනයක 300 ක ණය මුදලක් හිමිවී ඇතැයි ජොර්දාන පුවත් සේවා වාර්තා කරයි.

මෙම ණය මුදල ජෝර්දාන රජයට හිමි වී ඇත්තේ, රජය සහ යුරෝපා සංවර්ධන බැංකුව අතර පැවැති එකඟතාවකට අනුව යැයි ද පැැවසෙයි.

එම එකඟතාවට අනුව ජෝර්දානය ඔවුන්ගේ යටිතල පහසුකම් ඉහළ නැංවීමට සහ රැකියා අවස්ථා තව තවත් ඇති කර ගැනීමට මෙම මුදල යොදා ගත යුතු වෙයි.

මීට අමතරව තවත් මැදපෙරදිග රාජ්‍යයන් වන ඊජිප්තුවට, ලෙබනනයට සහ මොරොක්කෝවටත්, බටහිර ඉවුරටත් ණය මුදල් ලබා දීමට යුරෝපීය සංවර්ධන බැංකුව කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

හර්ෂණ තුෂාර සිල්වා
ජෝර්දානයේ සිට ලියයි

 


RECOMMEND POSTS