මුහුණාලේපනය ඉවතට



එමිරේට්ස් වෙළඳපොලේ විකිණීමට තිබු  “මීනා’’ නැමති මුහුණාලේපනය තහනම් කිරීමට එමිරේට්ස්ට් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වේ. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අහඹු ලෙස ලබාගත් සාම්පල පරීක්ෂණාගාර තුල පරීක්ෂා කිරීමේදි තහනම් කරන ලද අමුද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදනය කර ඇති අතර අඩංගු විය යුතු නියමිත රසදිය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව තහවුරු වී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඔක්කාරය,බඩේ අමාරුව, වමනය, මාංශ පේශිවල අබාධ, පාචනය,රක්තහීනතාව, අක්මාවේ සහස්නායු පද්ධතියේරෝගාබාධ වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් එමිරේට්ස්ට් සෞඛ්‍ය අමාත්‍යාංශය තහනම් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS