මුදල් යැවීම 8.1% අඩුවෙලා



කුවේට් රාජ්‍යයේ සිට වෙනත් රටවලට මුදල් යැවීම(ප්‍රේෂණය) 8.1%කින් අඩුවී ඇති බව අධ්‍යයනයකින්  තහවුරු වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විදේශ ශ්‍රමිකයින් තම රටවලට මුදල් යැවීම සීමා කිරීමට ජීවන වියදම ඉහළ යෑම, සහනාධාර කපා දැමීම සහ බදු අයකිරීම ඉහළ දැමීම යන කරුණු ප්‍රධාන සාධක් වී ඇති බව අධ්‍යයනය මඟින් පෙන්වා දී ඇත.

2012 වර්ෂයෙන් පසු කුවේටයේ සිට මුදල් යැවීම ඩිනාර් බිලියනයට වඩා අඩුවෙන් වාර්තා වු පළමු අවස්ථාව මෙය වන අතර 2017 වර්ෂයේ අවසන් කාර්තුව වන විට ඩිනාර් මිලියන 940 දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS