මිලියන 7.1 ක් ඕමාන් ගුවන් සේවය භාවිතා කරලා



2016 වර්ෂයේදි ඕමාන් ගුවන් සේවය ගුවන් මගීන් මිලියන 7.7ක්  ගමනාන්ත වෙත රැගෙන ගොස් ඇති බව එම ගුවන් සේවය පවසනවා.

මෙම කරුණු අනාවරණය වුයේ ඕමාන් ගුවන් සමාගම විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවට අනුවය. 

2015 වර්ෂය සමඟ සංසන්දනය කරන විට 21% වර්ධනයක් 2016 වර්ෂයේදි පෙන්නුම් කර ඇති බව ඕමාන් ගුවන් සේවය ප්‍රකාශ කළ අතර එය සංඛ්‍යාත්මකව ගුවන් මගීන් මිලියන් 6.4ක වර්ධනයක් වේ.

ගුවන් යානා සංඛ්‍යාව වැඩිකිරීම, ආසන සංඛ්‍යාව වැඩිකිරීම, පුහුණු පාසලක් ආරම්භ කිරීම, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ටොන් 159,618දක්වා වැඩිකිරීම වැනි කරුණු මෙම තත්ත්වය උදාකර ගැනීමට හේතු වූ බව ඕමාන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති, ඩාවිෂ් බින් ඉස්මයිල් අලි අල්-බලූෂී ප්‍රකාශ කළේය.

ජානකප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් ඇසුරෙනි)


RECOMMEND POSTS