මිලියන 51ක් මෙට්‍රෝ දුම්රියෙන් ගමන් ගිහින්



2017 මුල් කාර්තුවේදි මිලියන 51 කට වැඩි ජනතාවක් තම ගමන් අවශ්‍යතාවයන් සඳහා මෙට්‍රෝ දුම්රිය යොදා ගෙන ඇති බව ඩුබායි ප්‍රවාහන අධිකරිය ප්‍රකාශ කළේය.

මිලියන 51.37ක් ජනතාවක් මෙට්‍රෝ දුම්රියෙන් ගමන් කර ඇති බව ඩුබායි මෝටර් රථ ප්‍රවාහන අධිකාරියේ දුම්රිය නියෝජිතායතනය තහවුරු කළේය.

පසුගිය වර්ෂය (2016) සසඳන විට එය 3% වර්ධනයක් වන අතර පසුගිය වසරේමුල් කාර්තුවේදි මිලියන 49.91ක් මෙට්‍රෝ දුම්රිය භාවිතා කර ඇත.

බුබායි ට්‍රෑම් රථ භාවිතා කර ඇති සංඛ්‍යාව 1,601,076 වන අතර පසුගිය වසර (2016) හා සසඳන විට එය 1,338,601 වේ. එයි 20% වර්ධනයක් බව ඩුබායි දුම්රිය නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS