මිලියන 100 ක සහන



ඕමාන රජය ලබාදුන් ඉන්ධන සහනාධාර කපා දැමීමටතීරණය කිරීම හේතුවෙන් බලපෑමට ලක් වු පුරවැසියන්ට සහන ලබාදීමේ අරමුණින් ඕමාන් රියාල් මිලියන් 100ක් වෙන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජනතාවට සහන ලබාදීමට ක්‍රමවත් ක්‍රමවේදයක් සකසන ලෙසසුල්තාන් කබූස් බින් සෙයිඩ් රජයට නියෝග කර ඇත.

ඉන්ධන සහනාධාරය කපා දැමීම හේකුවෙන් බලපෑමට ලක් වු පුරවැසියන්ට ලබාදෙන සහන ක්‍රමවේදය 2018 ජනවාරි මාසයේදි ප්‍රකාශයට පත් කරන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS