මිලියන 1.3 රැගෙන යන්න හදයි



ගුවන් මඟීන් මිලියන 1.3 ක් 2019 වර්ෂය අවසන් වනවිට රැගෙන යෑමට සලාම් එයාර් ගුවන් සමාගම සැළසුම් කර ඇත.

2020 වනවිට,ගුවන් මඟීන් සංඛ්‍යාව මිලියන තුන දක්වා වැඩිකිරීමට ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි, මොහොමඩ් අහමඩ්අපේක්ෂා කරයි.

ඕමාන රජයේ විශ්‍රාම අරමුදලට සහ මස්කට් මහ නගර සභාවට අයත් සලාම් එයාර් ගුවන් සමාගම ඕමාන් එයාර් ගුවන් සමාගම සමඟ තරඟ කිරීමට2017 දී ආරම්භ කළේ ය.

ගුවන් සමාගම සතුව ඇති එයාර්බස් ඒ 320 ගුවන්යානා හතකින් ගුවන් සමාගමේආසන අවශ්‍යතාවලින් සියයට 85 ක් පමණසම්පූර්ණ කරයි.

සලාම්එයාර් ගුවන් සමාගම 2017 වර්ෂය තුල ගුවන් මඟීන් 800,000ක් ගමනාන්ත වෙත රැගෙන ගිය බව ඩුබායි නුවරදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මොහොමඩ් අහමඩ් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS