මිල ඉහළ යයි



ජූලි මාසයේදී සෞදි බොරතෙල් නිෂ්පාදනයේ සිදු වූ අනපේක්ෂිත පහත වැටීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ශල්ක’ කැණීම් කටයුතු ස්ථාවර මට්ටමක පැවැතීම නිසා ඊයේ (6) තෙල් මිල ගණන් ඉහළ ගියේය.

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රධාන තෙල් අපනයනකරුවකු වන ඉරානයට සම්බාධක පැනවීමට නියමිත නිසා තෙල් මිල ගණන්වල තවත් වෙනස්කම් සිදුවනු ඇතැයි පැවසේ. 

‘බ්‍රෙන්ට් කෲඞ්’ වර්ගීකරණය අනුව තෙල් බැරලයක මිල ශත 47කින් එනම් සියයට 0.6කින් ඉහළ ගිය අතර තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 73.68ක් ලෙස දැක්විණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ වර්ගීකරණය අනුව තෙල් බැරලයක මිල ශත 37කින් එසේත් නැතිනම් සියයට 0.5කින් එක්සත් ජනපද ඩොලර් 68.86 ක් දක්වා ඉහළ ගියේය.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS