බෙහෙත් ආනයනය නවත්වයි



සෞදි අරාබිය “ජුල්ෆර්’’ ගල්ෆ් ඖෂධ කර්මාන්ත නිෂ්පාදකයන්ගෙන් බෙහෙත් කීපයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට පියවරගත් බව සෞදි ආහාර සහ ඖෂධ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඖෂධ නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූල නොවීම නිසා තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බව අධිකාරිය ප්‍රකාශ කළේය.

Enoxirt injection, Narapril 5mg, Narapril, Narapril 20mg, Narapril 10mg සහ injection Julmentin ආනයනය කළ ඖෂද වේ.

ඖෂධ මිලදී ගැනීමේදි අවධානය යොමු කරන ලෙසත්, යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් 80024090000, 1999යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදෙන ලෙසත් දැනගත යුතු කරුණු 00966112057662 යන ෆැක්ස් අංකයට යොමු කරන ලෙස සෞදි ආහාර සහ ඖෂධ අධිකාරියජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS