බිලියන 20ක ආයෝජන අරමුදක්



සෞදි අරාබිය සහචීනයඅතර ඇ:ඩො බිලියන 20ක ඒකාබද්ධ ආයෝජන අරමුදක් පිහිටුවීමට සැළසුම් කර ඇති බව  ජි.ඩි.එන් ඹන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ලාභය සහ පිරිවැය 50% වන ආකාරයෙන් බෙදා ගැනීමට රටවල් දෙකම තීරණය කර ඇති බව වාර්තා වේ. 

දෙරටේ ජේෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් සහභාගි වු ආර්ථික සමුළුවකදි ආයෝජන අරමුදල් ව්‍යාපෘතිය  සම්බන්ධයෙන් සෞදි බලශක්ති අමාත්‍ය, කලීඩ් අල් ෆාලි දැණුවත් කළේය.

රටවල් දෙක අතර ඇ:ඩො බිලියන20ක් වටිනා ව්‍යාපාරික ගිවිසුම් 11ක් අත්සන් කිරීමට නියමිතව ඇති අතර එම ගිවිසුම් සම්බන්ධයෙන් වැඩි විස්තරයක් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ නොකල බව ජි.ඩි.එන් ඹන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS