බිලියන 13ක් ශ්‍රමිකයන් යවලා



කුවේට් රාජ්‍යයේ සිටින විදේශ ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් බිලියන දහතුනක් (13) සිය රටවල්වලට යවා ඇති බව 2017 වර්ෂයේ ලෝක බැංකුව නිකුත් කරන ලද විදේශිකයන් සඳහා වන සංක්‍රමණ හා ප්‍රේෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

විදේශ ශ්‍රමිකයන් යවා ඇති මුදල් ප්‍රමාණයන් අනුව,ලෝකයේ රටවල් අතරින් අටවන ස්ථානය කුවේට් රාජ්‍යයට හිමි වී ඇත.

විදේශ රටවලින් ලැබුණු මුදල් ප්‍රමාණයන් අනුව ඉන්දියාව (බිලියන 80) ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති අතර පිළිවෙලින් චීනය(බිලියන 67), මැක්සිකෝව(බිලියන 34), පිලිපීනය (බිලියන 34)  සහ ඊජිප්තුව (බිලියන 26) වේ.

පිලිපීනය, නැගෙනහිර ආසියාතික සහ පැසිෆික් කලාපයේරටවල්වලට යවන මුදල්වලින් 2.5%කටත් අඩු බදු ප්‍රතිශතයක්අය කිරීම නිසා විශාල මුදල් ප්‍රමාණයක්විදේශ ශ්‍රමිකයන් යවන බව වාර්තා වේ සඳහන් කර ඇත.              

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS