බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින්



කවුරුත් පුලපුලා බලා සිටි බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය මේ වනවිට ආරම්භ වී අවසන්ය. කලින් වසරවලදී මෙන් නොව, මෙවර වෙනස්ම අයුරකින් පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

ඇන්ඩෘ යැප් හා ජැක්ලින් එන්ග් රටවල් රැසක පැවැත්වෙන බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ සම නිර්මාතෘවරුන් වන අතර ප්‍රෝරීඩ් ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රි මහතා බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව තුළ සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි. බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා හවුල්කරු ලෙස දීපක් මාධවන් මහතා කටයුතු කරයි.

ඒ අනුව මෙවර පොත් ප්‍රදර්ශනය අන්තර්ජාලය ඔස්සේ ඊයේ (30) රාත්‍රියේ ආරම්භ වූ ඔක්තෝබර් 4 වැනිදා දක්වා පැවැත්වේ.

මෙවර ප්‍රදර්ශනයේදී පොත් සඳහා සියයට 50ත් 90ත් අතර වට්ටම් ලබාදෙන දෙන බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි. පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දින සියල්ලේදීම පැය 24 ම මුළුල්ලේ ම පොත් මිලදී ගැනීමට පාඨකයන්ට අවස්ථාව සලසා ඇත.

බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් ප්‍රදර්ශනය මගින් ඇණවුම් කරන රු. 7.999 ක් දක්වා වන සෑම මිලදී ගැනීමක් සඳහාම පාඨකයන්ට ගෙවීමට සිදු වන්නේ රට අභ්‍යන්තර කුරියර් ගාස්තු පමණක් වීම ඔවුනට සැලසෙන මනා පහසුවකි.

රුපියල් 8000 ට වැඩි මිලදී ගැනීම් සඳහා කිසිදු කුරියර් ගාස්තුවක් අය නොකිරීමද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.

වැඩිදුර විස්තර සඳහාhttp://www.bigbadwolfbooks.lk, වෙබ් අඩවිය, https://facebook.com/bbwbookssrilanka ෆේස්බුක් පිටුව මෙන්ම https://www.instagram.com/bigbadwolfbooks_lk ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමද විවෘතය.

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS