පාකිස්තානයට ජගත් මූල්‍ය අරමුදලින් මුදල් ආධාර



උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 6 ක මුදල් ආධාර ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පාකිස්තානයේ කඩා වැටුණු ආර්ථික අර්බුදය නගා සිටුවීමේ අරමුණින්, මෙම මුදල් ආධාර ලබා දීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩි දුරටත් කියා සිටී. පාකිස්තානයේ මේ වනවිට උද්දමනය ඉහළ ගොස් ඇති බව ද පැවැසෙයි.

පාකිස්තානයේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එරටට ලබා දෙන 22 වැනි මූල්‍ය ආධාරය මෙය යැයි ද වාර්තා වේ.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS