පා පන්දු ප්‍රධානියා දෝහා සංචාරයකට එයි



කටාර් එමීර්වරයා සහ ජාත්‍යන්තර පා පන්දු සංගමයේ සභාපති ජියානි ඉන්ෆැනිටෝ අතරේ විශේෂ හමුවක් පසුගිය දා දෝහාහි බහාර් මාලිගයේ දී පැවැත්විණි.

දෝහා පැමිණි ජාත්‍යන්තර පා පන්දු සංගමයේ සභාපති ජියානි ඉන්ෆැනිටෝ ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී කටයුතු කළේය.

වසර 2022 දී පා පන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ කටාර් රාජ්‍යයේය. ඒ වෙනුවෙන් ක්‍රීඩාංගනවල වැඩ කටයුතු කෙසේ සිදුවන්නේදැයි සොයා බැලීම සභාපති ජියානි ඉන්ෆැනිටෝ මෙම කටාර් සංචාරයේ අරමුණ විය.
ක්‍රීඩාංගන ඉදිකිරීමේ කටයුතු ව්‍යාපෘති බාරව කටයුතු කරන එමීර්වරයාගේ සමීපතමයකු වන ෂෙයික් ජසීම් බින් හමාද් අල් තානී ද මෙම ජාත්‍යන්තර පා පන්දු සංගමයේ සභාපති හමුවීමට පැමිණ සිටියේය.

පා පන්දු ලෝක කුසලාන තරගාවලිය හරහා කටාර් රාජ්‍යය සහ ජාත්‍යන්තර පා පන්දු සංගමය අතර සුහදත්වය වර්ධනය වනු ඇති බව සභාපති ජියානි ඉන්ෆැනිටෝ කටාර් එමීර්වරයා හමුවුණු අවස්ථාවේදී පැහැදිලි කළේය.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS