ප්‍රහාරයත් සමඟ තෙල් මිලත් වැඩිවෙලා



ඉරාන හමුදා ප්‍රධානී මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතන සිදුවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සියයට 4 කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේ වුවත් ලෝක බොර තෙල් නිෂ්පාදනය අතින් සිවුවැනියා ඉරානයයි. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමිනි. ඇමෙරිකාව පනවා ඇති මෙම සම්බාධක හේතුවෙන් ඉරානයට ඔවුන්ගේ තෙල් විකිණීම ගැටලුවක් වී ඇත.

මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන්, ඝාතනයත් සමඟ ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද උණුසුම තවත් ත්‍රීව වූ බවත් දෙරට අතර යුද්ධයක් හට ගනු ඇති බවක් බියක් හටගත්තේය.

ඇමෙරිකාව සහ ඉරානය අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වුවහොත් එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ  පෙන්වා දෙති.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS