පළමු කාන්තා මෝටර් රථ ප්‍රදර්ශනය



සෞදි කාන්තාවන් ඉලක්ක කරගනිමින් පවත්වන ලද පළමු මෝටර් රථ ප්‍රදර්ශනය ජෙඩා නුවර ලී සාප්පු සංකීර්ණයේදි බ්‍රහස්පතින්දා (ජන:11) දින සිට පැවති බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

මහත් උද්යෝගයකින් යුතුව මෝටර් රථ නැරඹීමටකාන්තාවන් පැමිණ ඇති අතර මෝටර් රථ ඉදිරිපිට සිටගනිමින් ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවල පළකොට ඇති බව වාර්තා වේ.

කාන්තාවන් රියදුරු අසුන්වල වාඩිවී සුක්කානම කරකවමින් සතුටු වන ආකාරය දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රදර්ශනය පැවැත් වු සාප්පු සංකීර්ණය ඉතා අලංකාරවත් ආකාරයෙන් සරසා තිබු බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS