නිෂ්පාදන වර්ජනයට සැරසෙයි



සෞදි අරාබියේ කාණ්ඩායමක් තුර්කි නිෂ්පාදන වර්ජනය කිරීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි හරහා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

“#Saudis_rejecting_the_Turkish_Products and #No_to_Turkey_Travel_and_products’’ යනුවෙන් සඳහන් කරමින් සමාජ ජාල හරහා විරෝධතාවය දියත් කර ඇත.

තුර්කියේ සංචාරය කිරීම සහ නිෂ්පාදන වර්ංනය කිරීම එම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී ඇත.

තුර්කි ජනාධිපතිගේ ප්‍රකෝපකාරි ප්‍රකාශයන්ට සහ නිල මාධ්‍යසිදු කරන දරුණු පහරදීම්වලට පිළිතුරු ලබාදීමට, ජාතික වගකීමක් සේ සලකා තුර්කි නිෂ්පාදන වර්ජනය කළ යුතු බව සෞදි ට්විටර් සමාජ ජාල පරිශීලකයෙක් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

“මිලියන 20කට වැඩි සෞදි ජනතාව තුර්කියේ සංචාරය කිරීම සහ නිෂ්පාදන වර්ජනය කළ හොත් කුමක් සිදුවෙයිද?’’ යනුවෙන් තවත් සෞදි ට්විටර් සමාජ ජාල පරිශීලකයෙක් පළ කර ඇත.

ජාකත ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS