නැවත සක්‍රීය කරන්නේ නෑ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුල වට්ස්ඇප් සහ ස්කයිප් මෘදුකාංග නැවත සක්‍රීය නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් එමිරේට්ස් විදුලි සංදේශ නියාමන අධිකාරිය සඳහන් කර ඇත.

සමාජ ජාල වෙබ් අඩවිවල පැතිර යන කටකථා කිසිදු සත්‍යතාවයක් නොමැති බව විදුලි සංදේශ නියාමන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

වට්ස්ඇප් සහ ස්කයිප් මෘදුකාංගපසුගිය දෙසැම්බර් මාසයේ සිට තහනම් කිරීමට එමිරේට්ස් රජය පියවර ගත්තේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS