දිගටම බොරතෙල් අපනයනය කරනවා



සම්බාධක පැවැතිය ද දිගටම බොරතෙල් අපනයනය කරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පැනවූයේ ඒ සම්බාධක නිසා ඉරානය කඩා වැටෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවත් කිසිදු අවස්ථාවකදී ඇමෙරිකාවේ බලාපොරොත්තු ඉටු නොවන බවත් හෙතෙම කීය.
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මනෝමය යුද්ධයක් දියත් කර ඇති බව ද ඔහු කීය.

“ඇමෙරිකාව අපට චෝදනා කරනවා. කලාපයේ ප්‍රශ්න ඇති කළේ අප යැයි ඇමෙරිකාව චෝදනා කරනවා. යේමනයේ සිට ඉරාකය දක්වා ප්‍රශ්න ඇති කළේ අපි යැයි ද කියනවා. අපි මේ පීඩනයට යටත් වෙන්නේ නැහැ. මෙය ඉරානයට එරෙහිව දියත් කර තිබෙන මනෝ යුද්ධයේ කොටසක්. අපේ අපනයන නැවැත්වීමට ඔවුන් අසමත් වී තිබෙනවා. අපි දිගටම බොරතෙල් අපනයනය කරනවා” යැයි ද ඉරාන ජනාධිපතිවරයා කීවේය.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS