දශක හයකට පසු ආසියාවේ ආර්ථික පහළට



දශක හයකට පසු ආසියාවේ ආර්ථික, හැකිළීමකට ලක්වනු ඇතැයි ද මිලියන ගණනක් දරිද්‍රතාවට ගොදුරු වනු ඇතැයි ද ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ආර්ථිකය මෙලෙස සංකෝචනයකට ලක්වන බව ද ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම පුරෝකථන ඉදිරිපත් කරමින් පෙන්වාදෙයි.

මේ අනුව සංවර්ධනය වෙමින් තිබෙන ආසියාවේ කුක් දූපත්වල සිට ශාන්තිකර කලාපය දක්වාත් කසක්ස්තානය අයත් වන මධ්‍යම ආසියාවත් ඇතුළුව සමස්ත ආසියානු කලාපයේම ආර්ථික මේ ආකාරයෙන් පහත වැටීමකට ලක්වන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි.

නව පුරෝකථන අනුව ආසියානු කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 0.7කින් පහළ වැටෙන අතර පසුගිය ජූනි මාසයේදී එම අගය සියයට 0.1ක් ලෙස පුරෝකථනය කර තිබිණි.

සමස්ත ආසියානු කලාපයේම ආර්ථිකය මේ ආකාරයෙන් පහත වැටීමකට ලක්වන්නේ 1960 වසරෙන් පසුව යැයි ද ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.

ලබන (2021) වසරේදී ආසියානු කලාපයේ ආර්ථිකය සියයට 6.8කින් නැවත වර්ධනය වනු ඇතැයි ද එසේ වුවත් එය තීරණය වනු ඇත්තේ නව කොරෝනා වයිරසය යැයි ද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදෙයි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS