දර්ශකයේ දෙවැනි තැන



“Henley and Partners’’ විදේශ ගමන් බලපත්‍ර වර්ගීකරණ දර්ශකයට අනුව කුවේට් විදේශ ගමන් බලපත්‍රය ගල්ෆ් කලාපයේ දෙවන ස්ථානයටත් ලෝකයේ අනිකුත් විදේශ ගමන් බලපත්‍ර සමඟ පනස් තුන්වන ස්ථානය දිනාගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

කුවේට් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් අනූතුනකට විසා නොමැතිව ගමන් කිරීමේ හැකියාව ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍රය ගල්ෆ් කලාපයේ පළමු ස්ථානයටත් ලෝකයේ විසිතුන්වන ස්ථානය දිනාගනීමට සමත් වී ඇත.

බහරේන් විදේශ ගමන් බලපත්‍රය ගල්ෆ කලාපයේ හතරවන ස්ථානයටත් ලෝකයේ අනිකුත් විදේශ ගමන් බලපත්‍ර සමඟ හැටවන ස්ථානය දිනාගැනීමට සමත් වී ඇති අතර රටවල් අසූ එකකට විසා නොමැතිව ගමන් කිරීමේ හැකියාව ඇත.

ඕමාන් සහ සෞදි විදේශ ගමන් බලපත්‍ර හැට තුන්වන සහ හැට පස්වන ස්ථාන දිනාගෙන ඇත.

ජපන්, සිංගප්පුරු සහ ජර්මන් විදේශ ගමන් බලපත්‍ර පිළිවෙලින් පළමු, දෙවන සහ තුන්වන ස්ථාන දිනාගානීමට සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS