තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට



 
සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කර දැමීමට තීරණය කිරීමත් සමඟ අද (5) තෙල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.
 
කටාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් ගත් තීරණය ලොව විශාලතම තෙල් සහ ගෑස් අපනයනකරුවන්ට දරුණු ලෙස බලපෑ තිබේ. ලොව ප්‍රමුඛතම මිණුම් ලකුණක් වන LCOc1 ට අනුව තෙල් බැරලයක මිල සියයට 1.1කින් ඩොලර් 50.48ක් දක්වා ඉහළ ගිය අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ CLc1 මිණුම්වලට අනුව තෙල් බැරලයක මිල සියයට 1කින් ඩොලර් 48.17ක් දක්වා ඉහළ ගියේය.
 
කටාරය යනු ලොව විශාලතම ස්වභාවික ද්‍රව ගෑස් සැපයුම්කරුවා වන අතර අඩු අඩු ඝනත්වයකින් යුතු ද්‍රව ඉන්ධන සහ ස්වභාවික ගෑස්වලින් පිරිපහදු කරගන්නා නිෂ්පාදන සැපයුම්කරුවා ද වෙයි.
 
ඉහළ ආදායම් ලබන රටක් වන කටාරය ලොව තෙවැනි විශාලතම ගෑස් සහ තෙල් සංචිතවලට හිමිකම් කියන රටද වෙයි. ලොව ඉහළතම ඒකපුද්ගල ආදායම තිබෙන රට වන්නේ ද කටාරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව සංවර්ධනය අතින් අරාබි කලාපයේ මෙන්ම ලොව ඉදිරියෙන්ම සිටින රටක් ලෙස කටාර් රාජ්‍යය නම් කරනු ලැබ තිබේ.
 
රොයිටර්

RECOMMEND POSTS