තෙල් මිල දෙවැනි දිනයටත් පහළට



 
තෙල් මිල ගණන් ක්‍රමයෙන් පහත වැටීමට නැවත්වීම සඳහා නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ, ප්‍රධාන සැපයුම්කරුවන්ට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමත් සමඟ එක ළඟ දෙවැනි දිනයටත් තෙල් මිල පහළ ගියේය. 
පසුගිය සතිය අවසානයේදී නිව්යෝක් නුවර තෙල් මිල ගණන් සියයට 2.1කින් ද ඊයේ දිනයේදීද සියයට 1.1කින් අඩු විය. පසුගිය සිකුරාදා දිනයේදී තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ සාමාජික රටවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණ ද එකඟතාවකට පැමිණීමට ඔවුන්ට නොහැකි විය. ඔපෙක් නොවන රටවල සාකච්ඡාවක් සෙනසුරාදා (29) පැවැත්වුණු අතර එහිදීද නිශ්චීත තීරණයක් නොගැනුණි. බ්‍රසීලය ද එම සාකච්ඡාවල නිරීක්ෂකයන් ලෙස සහභාගි විය. 
වසර අටකට පසුව නොවැම්බර් මාසයේදී පළමු වරට තෙල් නිෂ්පාදනය සීමා කිරීමට තෙල් අපනයනය කරන රටවල් එකඟතාවකට පැමිණෙයි ද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතින බැවින් තෙල් මිල ඩොලර් 50 ගණන ආසන්නයේ උච්චාවචනය විය. 
තෙල් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම කනගාටුවට කරුණක යැයිද, කඩිනමින් එකඟතාවකට පැමිණිය යුතු යැයි ඔපෙක් හි මහ ලේකම් මොහොමද් බාර්කින්ඩෝ පැවැසීය. තල් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට දැනටමටත් බොහෝ කලක් ගත වී ඇති බැවින් තවදුරටත් එය පමා කරමින් අවදානමක් ගත නොහැකි බව ද ඔහු කීවේය. 
 
 
බ්ලූම්බර්ග් ඇසුරිනි

RECOMMEND POSTS