තෙල් මිල ගණන් ඉහළට



දෙසැම්බර් මාසයට අදාල තෙල් මිල ගණන් ඕමාන තෙල් සහ ගෑස් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

එම්95 වර්ගයේ පෙට්රල් ලීටරයක් බයිස් 209ක්ද, එම්91 වර්ගයේ පෙට්රල් ලීටරයක් බයිස් 186ක්ද,ඩීසල් ලීටරයක් බයිස් 213ක්දක්වා ඉහළ දමා ඇති බව නිවේදනයේ සඳහන් කර ඇත.

ලෝක වෙළඳපලේ පවතින ඉන්ධන මිලගණන් ඉහළ යෑම හේතුවෙන් දෙසැම්බර් 01 දින සිට ඉන්ධන මිල ගණන් ඉහළ යන බව එක්සත් අරාබි එමිරේට්ස් බලශක්ති අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඔක්ටේන් 98 (ඊයම් රහිත) පෙට්රල් ලීටරයක් එමිරේට්ස් ඩිරාම් 2.15 දක්වාදඔක්ටේන් 95 (ඊයම් රහිත) පෙට්රල් ලීටරයක් එමිරේට්ස් ඩිරාම් 2.04 දක්වාද ඉ-ප්ලස් 91 වර්ගයේ පෙට්රල් ලීටරයක් එමිරේට්ස් ඩිරාම් 1.97 දක්වා ඉහළ යන බව වාර්තා වේ.

ඩීසල් ලීටරයක් එමිරේට්ස් ඩිරාම් 2.11 දක්වා ඉහළ යන බව අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS