තෙල් මිල ඉහළට



තෙල් කැණීම් කටයුතුවල සිදු වූ පහත වැටීමක් හේතුවෙන් සඳුඳා, අප්‍රේල් 2 වැනිදා තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 70ක් දක්වා ඉහළ නැග්ගේය.

මේ තත්ත්වයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට නැවත වරක් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ද වාර්තා වේ.

මාර්තු 29 වැනි දිනෙන් අවසන් වූ සතියේදී ඇමෙරිකා එක්සත් ජනපද තෙල් කැණීම් සිදු කරන්නන් තෙල් කැණීම් සඳහා කරන වේදිකා හතක් ඉවත් කළ බවත් ඒ සමඟ සමස්ත තෙල් කැණීම් සඳහා ඉදි කරන ලද වේදිකා සංඛ්‍යාව 797ක් දක්වා අඩු වූ බවත් වාර්තා විය.

එය සති තුනකට පසු සිදු වූ පළමු පහත වැටීමය. මෙම තෙල් කැණීම් වේදිකා ඇමෙරිකා එක්සත් ජනපද තෙල් නිෂ්පාදනය පිළිබඳ එක් දර්ශකයක් ලෙසින් ද සැලකේ.

(රොයිටර්)


RECOMMEND POSTS