තෙල් බැරලයක මිල පහත වැටෙයි ද ?



බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 30ක් දක්වා පහත වැටෙනු ඇතැයි නෙදර්ලන්තයේ ‘ඒ.බී.එන්. අම්රෝ බෑන්ක් එන්.වී’ සඳහන් කරයි.

තෙල් අපනයන කරන රටවල සංවිධානය (ඔපෙක්) ඉදිරියේදී තෙල් නිෂ්පාදනය සීමා කිරීම පුළුල් නොකළහොත් මෙලෙස තෙල් බැරලයක මිල පහත වැටෙනු ඇතැයි අම්රෝ බෑන්ක් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය පෙන්වා දී තිබේ. ඇමෙරිකානු ඩොලර් 30ක් යනු වර්තමානයේ පවතින තෙල් බැරලයක මිලෙන් සියයට 40කට ආසන්න ප්‍රමාණයක පහත වැටීමක් යැයි ද වාර්තා වේ.

දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල් ප්‍රමාණය මිලියන 1.2කින් සීමා කිරීමට තෙල් අපනයන කරන රටවල සංවිධානයේ සාමාජික රටවල් ඉකුත් නොවැම්බර් මාසයේදී එකඟත්වය පළ කරන ලදි. ඊට සාමාජික නොවන රටවල ද සහාය හිමි වූ අතර රුසියාව ඊට වැඩි වශයෙන් මැදිහත් විය. ඒ අනුව දිනකට නිෂ්පාදනය කරන බොරතෙල් බැරල් ප්‍රමාණය මිලියන 1.8ක් දක්වා අඩු කෙරිණි.

කෙසේ වෙතත් එම එකඟතාව පවතින්නේ මේ වසරේ පළමු මාස හය දක්වා පමණි. ඒ අනුව ලබන ජූලි මාසයේ සිට කුමක් වනු ඇතැයි දැයි අවිනිශ්චිතය.

 

හර්ෂණ තුෂාර සිල්වා

බ්ලූම්බර්ග් ඇසුරිනි


RECOMMEND POSTS