තෙල් නිෂ්පාදනය වැටිලා



 
තෙල් අපනයන කරන රටවල, තෙල් නිෂ්පාදනය අඛණ්ඩව තෙවැනි මාසයටත් පහත වැටී ඇතැයි රොයිටර් පුවත් සේවය කරන ලද සමීක්ෂණයක් අනාවරණය කරයි.
 
කෙසේ නමුත් සැපයුම් සීමා කිරීම නිසා යම් ප්‍රගතියක් අත්පත් කරගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව තිබෙන අතර නඩත්තු සහ කලබල හේතුවෙන් නයිජීරියාව සහ ලිබියාව යන රටවල් තෙල් නිෂ්පාදනය සීමා විය. 
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැපයුම් සීමා කිරීම හේතුවෙන් තෙල් අපනයන කරන රටවල සංවිධානයේ තෙල් නිෂ්පාදනය සීමා කිරීමේ සියයට 95ක අනුකූලතාවට අනුව කටයුතු කිරීමට එම සංවිධානයට හැකියාව ලැබිණි. එය පෙබරවාරි මාසයේ සියයට 94කට වඩා වැඩි අතර එය වාර්තාගත ඉහළ අගයක් යැයි ද රොයිටර් සමීක්ෂණය සඳහන් කරයි. 
 
ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට තෙල් නිෂ්පාදනය දිනකට තෙල් බැරල් මිලියන 1.2කින් අඩු කිරීමට තෙල් අපනයනය කරන රටවල සංවිධානය (ඔපෙක්) ප්‍රකාශ කළේය. වසර 2008න් පසු තෙල් නිෂ්පාදනය කිරීමට තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ රටවල් එවැනි එකඟතාවකට පැමිණි පළමු අවස්ථාව එය විය. එම සංවිධානයට අයත් නොවන රටවල් ද තෙල් නිෂ්පාදනය කිරීමට එකඟත්වය පළ කරන ලදි. දිගින් දිගටම තෙල් මිල පහත යෑම එලෙස එකඟතාවකට පැමිණීමට ප්‍රධාන හේතුව විය. 
 
රොයිටර්

RECOMMEND POSTS