තෙල් ඉල්ලුම වැඩිවීම අඩු වේගයකින්



ඉදිරි මාස කිහිපයේදී ගෝලීය ඛනිජතෙල් ඉල්ලුම අඩු වේගයකින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ආයතනය සඳහන් කරයි.

උණුසුම් කාලගුණ තත්ත්වය ඊට ප්‍රධාන වශයෙන් බලපෑම් කරනු ඇතැයි ද එම ආයතනය පෙන්වාදෙයි. මේ වසරේ පළමු අර්ධයේදී උණුසුම් කාලගුණ තත්ත්වය නිසා ඛනිජතෙල් පරිභෝජනය අඩු කළ බවත් ඒ හේතුවෙන් නැවත වෙළෙඳපොළ තුළ අතිරික්තයක් ඇති කළ බවත් එම ආයතනය තවදුරටත් පෙන්වාදෙයි.

ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ජාත්‍යන්තර බලශක්ති ආයතනය මේ වසර සඳහා පුරෝකථනය කළ දිනකට බැරල් 100,000කින් අඩු කිරීමට සිදුව තිබේ. මේ අනුව වසර සඳහා දිනකට බැරල් මිලියන 1.5ක් සහ ලබන වසර සඳහා ඇස්තමේන්තු කරන ලදි දිනකට බැරල් මිලියන 1.3ක ප්‍රමාණය දිනකට බැරල් 100,000 බැගින් අඩු කිරීමට සිදුව තිබේ.

මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන භූදේශපාලන අර්බුදකාරී තත්ත්වය සහ නයිජීරියාව සහ ඉරාකය වැනි රටවල වරින් වර ඇති වූ සැපයුම් ඇණහිටීම් නිසා 2015 වසරෙන් පසු පළමු වරට තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 60 ඉක්මවා ගියේය. එසේ වුවත් එම කාලයේදීම ගෝලීය පරිලේඛන (තෙල් තොග මිල ගණන්) පහත වැටුණු අතර වෙළෙඳපොළ නිරීක්ෂකයන් ඔවුන්ගේ මිල පුරෝකථන ඉහළ දැමීමට ද එය හේතුවිය

(රොයිටර්)


RECOMMEND POSTS