තෙල් අපනයනට රටවල හමුවක්



ප්‍රධාන පෙළේ තෙල් අපනයන කරන රටවල් ලබන මස 1 වැනිදා සහ 2 වැනිදා වියානා නුවරදී හමුවීමට නියමිත යැයි වාර්තා වේ.

ප්‍රධාන පෙළේ තෙල් අපනයනය කරන රටවල සංවිධානය ඔපෙක් යනුවෙන් හැඳින්වේ. අවස්ථා කිහිපයදීම මෙම සංවිධානයේ සාමාජික රටවල් ඇතුළු ප්‍රධාන පෙළේ තෙල් අපනයනය කරන රටවල් හමු වී සාකච්ඡා පැවැත්වීමට උත්සාහ කළ ද ඒවා කල් තැබිණි.

සෞදි අරාබිය තෙල් නිෂ්පාදනය කරන රටවල් අතර ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර නිෂ්පාදනය සීමා කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදි තීරණය කිරීමට නියමිතය. කෙසේ නමුත් ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල හමුවක් පැවැත්වීම සඳහා දිනයක් තීන්දු කිරීම ආයෝජකයන්ගේ ප්‍රසාදයට හේතු වී තිබේ.

මේ අනුව ඔපෙක් සමුළුවේ 176 වැනි සාකච්ඡාව ජූලි 1 වැනිදා පැවැත්වීමට නියමිතය. ඊට අමතරව ඔපෙක් සහ ඔපෙක් නොවන අමාත්‍යවරුන්ගේ හයවැනි සාකච්ඡාව ඊට පසුව පැවැත්වීමට නියමිතය. එම හමුවට රුසියාව ද අයත් වේ.

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS