ත්‍රස්තවාදය සහ තෙල් මිල පහළ යෑම හෝටල් කේෂ්ත්‍රයට බලපෑමක්



ත්‍රස්තවාදය සහ තෙල් මිල පහළ යෑම සෞදි අරාබිය, තුර්කිය, ඊජිප්තුව යන රටවල් වල හෝටල් කේෂ්ත්‍රයට බලපෑමක් එල්ල කර ඇති බව කාසන් රෙසිඩර් හෝටල් සමුහයේ මැදපෙරදිග සහ සහරා අප්‍රිකානු උප-සභාපති, මාර්ක් විලිස් ප්‍රකාශ කලේය. 

තෙල් මිල පහලයෑමෙන් සෞදි ආර්ථිකයට එල්ලවී ඇතිවී ඇතත් 2017 මුල් කාර්තුවේදි සෞදි ආර්ථිකය ප්‍රතිඵලය කෙරෙහි මාර්ක් විලිස් සුභවාදීව අදහස් ප්‍රකාශ කලේය. 

තුර්කියේ සහ ඊජිප්තුවේ ඇති රැඩිසින් බ්ලු හෝටල් සමුහය ඉතා අසීරු තත්ත්වයක පවතින බව ඔහුගේ මතය වී ඇත. 
ඩුබායි සහ කටාර්වල ඇති හෝටල් කාමර අතිරික්තයක් තිබුණත් හෝටල් කාමර වෙන්කිරීම හොද මට්ටමකින් සිදුව ඇති අතර තුර්කියේ සහ ඊජිප්තුවේ හෝටල් අසීරු තත්ත්වයක පැවතියද තරුඟකරුවන් හා සංසන්දනය කරන විට අප හෝටල් සමුහය හොද මට්ටමක තිබෙන බව ඔහු පැහැදිලි කලේය.

2019 වනවිට තම හෝටල් සමුහයේ විශාල වර්ධනයක් දැකිය හැකි බව ඔහු ප්‍රකාශ කල අතර හෝටල් 14ක් අලුතින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සදහන් කලේය. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අරාබියන් බිස්නස් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS