ඩුබායි ඇල බලන්න වාර්ෂිකව සංචාරකයන් මිලියන 30ක්



 

පසුගිය බදාදා විවෘත කරන ලද ආකාර්ශනීය ඩුබායි ජල මාර්ගය මගින් අපේක්ෂිත වාර්ෂික සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 30ක් බව එරට ප්‍රවාහන හා මහාමාර්ග අධිකාරිය පවසයි.

මෙම ජල මාර්ගයේ ඇති ජලයේ ගුණාත්මකභාවය 33% වර්ධනය කිරීම සදහා ධනාත්මක පරිසර බලපෑමක් ඇතිවන බව  ප්‍රවාහන හා මහාමාර්ග අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් හා විධායක අධ්‍යක්ෂ මණ්ඩල සභාපති,  මටර් අල්-ටෙයර් ප්‍රකාශ කලේය.

මෙම ජලමාර්ගය මගින් ඩුබායිහි ජාත්‍යන්තර තරගකාරීත්වය වැඩිවේ, මෙම ජල මාර්ගයට සමීප ඉඩම්වල  වටිනාකම් ඉහළ යන බවත්, මෙම ජලමාර්ගය තුළින්  අසල්වැසි රටවල් සමග නාවික ක්ෂේත්‍රය ආශ්‍රිත සේවා වර්ධනය කිරීමට, සංචාරක කර්මාතය, වාණිජ හා අභ්‍යන්තර කටයුතු වර්ධනය කරගැනීම සදහා අමතර අවස්ථාවක් හිමිවේ.

 


RECOMMEND POSTS