ඩීසල් මිල වැඩිවෙයි



ඕමාන් තෙල් සහ වායු අමාත්‍යාංශය නොවැම්බර් මාසයට අදාල තෙල් මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඩීසල් මිල ඉහළ ගොස් ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එම්91 සහ 95 වර්ගවල පෙට්‍රල් මිල ගණන් වෙනස් වී නොමැති අතර ඔක්තෝබර් මාසයට අදාල මිල ගණන්ම නොවැම්බර් මාසයෙත් පවතින බව වාර්තා වේ.

ඒ අනුව, එම් 91 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල බයිසා 222ක්ද, එම්95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල බයිසා 233ක්ද වේ.

ඩීසල් ලීටරයක මිල බයිසා 258 සිට 261 දක්වා ඉහළ ගොස් ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS