ජී.එස්.පී බදු තවදුරටත් !



ජී.එස්.පී + බදු සහනය 2023 වසර දක්වා ශ්‍රී ලංකාවට ලබාදෙන බවට යුරෝපා සංගමය එකඟ වී ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයින් පිරිසක් අතර පැවති හමුවකදී එම එකඟතාව පළ වූ බවයි .

බදු සහනය 2023 වසර දක්වා ලබාදුන්න ද, නිරීක්ෂණ ක්‍රියාවලියෙහි වෙනසක් නොවන බව, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා, මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළෙඳ සහ සන්නිවේදන ප්‍රධානී ත්‍රෝස්ටන් බර්ග්ෆෙඩ් සඳහන් කර තිබේ.

ජී.එස්.පී + බදු සහනය වැඩි වශයෙන් ලබාදෙන්නේ මෙරට ඇඟලුම් කේෂත්‍රය වෙනුවෙනි .

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ, ඇගලුම් කර්මාන්තය මෙරට සමස්ත අපනයනයෙන් 43% ක් නියෝජය කරන බවයි.

අපනයන ආදායමට, ඇගලුම් ක්ෂේත්‍රය හරහා වාර්ෂිකව එක්වන ආදායම ඩොලර් බිලියන 5 කි.

යුරෝපා සංගමයේ රටවල් ඒ සඳහා ලබාදෙන සහායට ස්තුතිය පළ කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

( තිළිණි  ද සිල්වා )


RECOMMEND POSTS