ජාතික දිනයට සෞදියට යයි



එමිරේට්ස් ගුවන් සමාගම 88 වැනි සෞදි ජාතික දිනය සැමරීමට විශේෂ ගුවන්යානයක් සෞදි අරාබියේ රියාද් නුවරට යැවීමට කටයුතු කරන බව වාර්තා වේ.

“අපි ගොඩක් සතුටු වෙනවා සෞදි අරාබියත් එක්ක තියන ශක්තිමත් බැඳීම ගැන.’’ යනුවෙන් එමිරේට්ස් ගුවන් සමාගමේ ප්‍රදේශීය ජේෂ්ඨ උප-සභාපති ෂයික් මජීඩ් අල්-මුල්ලා ප්‍රකාශ කළේය.

ඒ380 ගුවන්යානය සැප්තැම්බර් 23දින කලීඩ් රජු අන්තර්ජාතික ගුවන්තොටුපොලට ගොඩබැස්වන බව ගුවන්සමාගම ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයන්)


RECOMMEND POSTS