ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් මහා තරගය බලගන්වන්නේ ඩයලොග්



අවසන් මහා තරගය හෙට දහවල් 1.00 සිට සජීවීව ස්වාධීන රූපවාහිනියෙන්

මෙරට වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම අවසන් මහා තරගයක් මෙන්ම, කොවිඩ්-19 වසංරගතය ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ජාතික මට්ටමේ ක්‍රීඩා වැඩසටහන ද වන, ඩයලොග්  විසින් බලගන්වන 2019 ජනාධිපති රන් කුසලාන අවසන් මහා තරගය හෙට එනම් සැප්තැම්බර් 26 වනදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වෙයි.

ඩයලොග් විසින් බලගන්වන ජනාධිපති රන් කුසලාන කාන්තා අවසාන මහා තරගය මහ-උස්වැව රත්නපාල සහ රදාවාන ගෝල්ඩන් බර්ඩ් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර, සැවොම උණුසුම් තරගයක් බලාපොරොත්තු වන පිරිමි අවසන් මහා තරගය ගම්පහ සියනෑ තරු කණ්ඩායම සහ දෙබෑගම රන්තරු කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. මෙම තරග පස්වරු 1.00 සිට මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ සිට සජීවීව ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කෙරේ.

අවසන් මහා තරගයට පෙර ඩයලොග් විසින් බලගන්වන ජනාධිපති රන් කුසලාන වයස අවුරුදු 23 පහළ කාන්තා අවසන් මහා තරගය මහ-උස්වැව රත්නපාල සහ කෑගල්ල හයිඩ්‍රාමනී කණ්ඩායම් අතරත්, පිරිමි අවසන් මහා තරගය නාත්තන්ඩිය යුනයිටඩ් සහ වෙන්නප්පුව ජෝසප් වාස් කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිත අතර, එම තරග අද දින (25) මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. එය ද අද පස්වරු 1.00 සිට සජීවීව ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙම සියලු තරග පැවැත්වෙයි.

“කොවිඩ් -19 වසංගතය සාර්ථකව පාලනය කිරීමෙන් පසු, මෙරට පළමු ජාතික මට්ටමේ තරගාවලිය ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් සම්බන්ධ කරගෙන පැවැත්වීමට ලැබීම ගෞරවයක්. මේ අභියෝගාත්මක අවස්ථාවේදී මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදෙන අපගේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා සමාගමට මා ස්තූතිය පුද කරනවා.” යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක සහ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 

ඩයලොග් විසින් බලගන්වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා තරගාවලිය වන අතර, 2019 සැප්තැම්බර් මාසයේදී මෙම තරගාවලිය ආරම්භ කරන ලද්දේ කණ්ඩායම් 2,500 ක් සහ ක්‍රීඩකයින් 40,000 කට වැඩි සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙනි. කොවිඩ් -19 වංසගතය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් ගනු ලැබූ සමාජ දුරස්ථභාවය පිළිබඳ නියාමනවල ප්‍රතිඵලයක් වශයෙන් සහ ක්‍රීඩකයන්ගේත් ප්‍රේක්ෂකයන්ගේත් සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වෙමින් ඩයලොග් ජාතික කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය සහ ජනාධිපති රන් කුසලාන අවසන් මහා තරගය වත්මන් දිනට කල්දැමීමට පියවර ගන්නා ලදී.

පසුගිය වසරේ අවසන් මහා තරගයේදී සියනෑ තරු  කණ්ඩායම පිරිමි ශූරතාවයත්, කැෂුවල් කණ්ඩායම කාන්තා ශූරතාවයත් දිනා ගනු ලැබීය.

ඩයලොග් ආසිආටා පීඑල්සී ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ඔලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම සහ ලෝක පැරාලිම්පික් තරගාවලිය බලගැන්වීමට කටයුතු කර ඇත.


RECOMMEND POSTS