ජංගම ඉන්ධන පිරවුම්හල්



ඕමානයේ බැටිනා අධිවේගි මාර්ගයේ ජංගම ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජංගම ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට අදාලව ගිවිසුමක් ප්‍රවාහන සහ සන්නිවේදන අමාත්‍යාංශය සහ ඕමානෝයිල් සමාගම අතර අත්සන් කර ඇත.

ස්ථිර ඉන්ධන පිරවුම්හල් ඉදිකරන තෙක් සතියේ සෑම දිනකම පැය විසිහතර පුරා වසර දෙකක කාලයකට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ජංගම ඉන්ධන පිරවුම්හල්වලින් පහසුවෙන් ඉන්ධන ලබාගැනීමට හැකියාව මෝටර් රථවලට ලැබෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS